
කොහොමහරි ඔය calls ආපු number 1 අයෙත් වෙන නම්බර් එකකින් අරන් බැලුවම ඒ අරන් තියේන්නේ Communication Center එකකින්. සමහර දවස් වලට මගේ නම්බර් එකටත් reload කරන්නේ ගොන්ටි නිසා මගේ නම්බර් එකට call කරලා තියෙනනේ හරියටම හොයා ගන්න බැරුව. ගොඩක් Communucation වලට කෙල්ලෙක් ගිහින් reload එකක් ගත්තම එකේ වැඩකරන කොල්ලෝ නම්බර් එක නොට් කර ගන්නවා.
මේ පොස්ට් එක බලන ගෑණු ළමයි එහෙම ඉන්නවනම් තමන් නොදන්න Communucation Centers වලින් reload දානවට වඩා කම්මැලිකම නැතිව pre paid card එකකි පාවිච්චි කරානම් අනවශ්‍ය ප්‍රශ්ණ ගොඩාක් දුරට අඩු කර ගන්න පුලුවන්. දැන් අළුතින් එන බොහෝ ජංගම දුරකථන වල අනවශ්‍ය, හිංසාකාරි ඇමතුම් වලක්වා ගැනිම සඳහා Blacklist, Firewalls වැනි ක්‍රමවේදයන් තිබුනත්. අනවශ්‍ය කරදර කල්තියා වලක්වා ගැනිම හොදම ක්‍රමයයි.
ඔබ භාවිතා කරන දුරකතන අංකයෙහි රහස්‍ය භාවය සුරැකිමට Dialog අයතනය විසින් Secret Code නම් විශේෂාංගය භාවිතා කල හැකිය. මෙහිදි ඔබ දැනට හාවිතාකරණ 077 XXX XXX X වෙනුවට වෙනත් ඉලක්කම් 10 යුත් Code number 1234 548548 එකක් භාවිතා කර හැකිය.
ක්‍රියාත්මක කර ගැනිමට
SMS : Type CODE and send an SMS to 678.
එමෙන්ම post paid භාවිතා කරන අයට උවද Dialog Star point ලබාගැනිමට තම ජංගම දුරකථන අංකය වෙනුවට මෙම Code number එක ලබා දිමෙන් ඔබගේ පෙෳද්ගලිකත්වය ආරක්ශාකරගත හැකිය.
More Details : http://www.dialog.lk/personal/mobile/features-and-vas/account-specific/secret-code/
පිලි ගන්නවා මම ඩයලොග් ආයතනයේ සේවය කරපු කෙනෙක් විදිහට අපිට අපු පැමිණිලි නිසාම මම දැන් ඔය ලි ලෝඩ් කරන එක නවත්තල කාඩ් එකක් දානවා
ReplyDeleteදැනුවත් කිරීම ගැන ස්තූතියි
ReplyDelete